අවුරුදු 28ට පසුව එංගලන්තය අවසන් පූර්ව තරගයට


රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

ඒ ස්විඩන කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමිනි. තරගයේ පළමු අර්ධයේ පටන්ම එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසුවූයේ මැගියුරේ 31 වැනි විනාඩියේදී වාර්තා කළ ගෝලයත් සමගිනි.

නැවතත් දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ ඇලී 58 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

 



Recommended Articles