අයි.සී.සී. සභාපති එයි


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති (I.C.C. Chairman ) ජේ.ෂා (Jay Shah ) මහතා , ඉන්දීය - පකිස්තාන ක්‍රිකට් තරගය නැරඹීම සදහා 02/15 දින පස්වරුවේ මෙරටට පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

ඔහු සමග එම ක්‍රිකට් කවුන්සිලයේ තවත් උසස් නිලධාරීන් 11 දෙනෙකු ද පැමිණ සිටියහ. ඔවුන් ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සිට විශේෂ ගුවන් යානයකින් 02/15 දින සවස 03.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු එම ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ. 



Recommended Articles