SLQS UAE ක්‍රිකට් තරගාවලියෙන්


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 22 වැනි වරටත් පවත්වනු ලැබූ ප්‍රමාණ සමික්ෂණයන්ගේ වාර්ෂික ක්‍රිකට් තරගය පසුගියදා දිවා රාත්‍රී තරගාවලියක් ලෙස  නිමිවිණ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ප්‍රමාණ සමීක්ෂකයින්ගෙ සහ එම පවුල් වල සුහදතාව වර්ධනය කිරීම සඳහාත් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා එළි දැක්වීමට අදාළවත් මෙම තරගාවලිය පැවැත්විණ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමාණ සමීක්ෂකයින්ගේ එකමුතුව තරගාවලිය සංවිධානය කරන ලදී.  පිරිමි කණඩායම් 23ක් සහ කාන්තා කණ්ඩායම් 4ක් තරග වැදුණු  තරගාවලියේ මූලික වටයේ තරග වලින් පසු කාණ්ඩ 3ක් යටතේ පළමු, දෙවෙනි හා තුන්වෙනි පෙළ  ලෙස තරග වැදිණි.  පළමු කාණ්ඩයේ ශූරතාව ඊගල්ස් ක්‍රිකට් සමාජය හිමිකරගත්තේය.

දෙවැනි කාණ්ඩයේ ශූරතාව අබුඩාබි ෆැල්කන් කණ්ඩායම හිමිකර ගනිද්දී කිකර්ස් කණ්ඩායම තුන්වන කාණ්ඩයේ ශුරයන් බවට පත්විය. මිට සමගාමිව පැවති කාන්තා කණ්ඩායම් තරගයෙන් අබුඩාබි පර්ල් කණ්ඩායම ශුරියන් ලෙස කිරුළු පැලදුහ.

1

පළමු කාණ්ඩයේ ශූරයන්

div 02

දෙවැනි කාණ්ඩයේ ශූරයන් 

div 03

තෙවැනි කාණ්ඩයේ ශූරයන් 

ladis

කාන්තා ශූරියන්



Recommended Articles