දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අත්හරියි


(UPDATE) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක අයර්ලන්ත කණ්ඩායම අතර අයර්ලන්තයේ ඩබ්ලින්හිදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තරග තීරක තීරණය කළේය. පළමු තරගය ජයගත් හෙයින් තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගනු ලැබීය.

----------------------------------------------------------------------------------------------------

ඩබ්ලින් නුවරට ඇඳ හැළුණු වර්ෂාව නිමවී තිබේ. නමුත් තවමත් (ප.ව. 6.35 වන විටත්) තරගය ආරම්භ කිරිමක් පිළිබඳව පැහැදිලි වාර්තා අයර්ලන්තයෙන් වාර්තා නොවෙයි.

------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර ඩබ්ලින් නුවරදී ආරම්භ වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගයට වරෂාවෙන් බාධා එල්ල වී තිබේ. 

------------------------------------------------------------------------------------------------------ 

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගයේ ආරම්භය ඊයේ (07දා) ඇඳ හැළුණු වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී තිබේ.



Recommended Articles