IPL AUCTION සංගා මහේල නොවිකිණෙති


(LIVE) සංගා දෙවැනි වතාටවත් අලෙවි නොවීය.


සීක්කුගේ ප්‍රසන්න, තිලාන් තුෂාර, සුරංග ලක්මාල්, ණුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද් අලෙවි නොවීය.


ෆර්විස් මහරූෆ්, සුරාජ් රන්දීව් අලෙවි නොවෙයි.


ජීවන් මෙන්ඩිස්, සචිත්‍ර සේනානායක පළමු වටයේදී අලෙවි නොවෙයි.


අකිල ධනන්ජය, අජන්ත මෙන්ඩිස්, ළහිරු තිරිමාන්නද පළමු වටයේදී අලෙවි නොවීය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ද පළමු වටයේදී අලෙව නොවීය. ඔහුටද ඇන්ජලෝ මැතිව්ස් මෙන් රුපියල් කෝටි 3.19ක මිලක් නියමවී තිබුණි.


ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරාද අලෙවි නොවීය.


ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන කුමාර් සංගක්කාර හා මහේල ජයරවර්ධන පළමු වටයේදී අලෙවි නොවීය. ඔවුන් දෙදෙනාට රුපියල් මිලියන 21.3ක මූලික මිලක් නියම වී තිබුණි.


ඉන්දීය කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙන තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං රුපියල් කෝටි 34ක මිලකට මිලදී ගැනීමට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සමත්විය.


අටවැනි ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් රුපියල් කෝටි 15.97කට මිලදී ගැනීමට දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම සමත්විය.

ඔහුට නියම වී තිබූ මූලික මිල රුපියල් කෝටි 3.19කි. මැතිව්ස් මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර තියුණු තරගයක් පැවැතියේය. 



Recommended Articles