FB නිසා ඉන්දියාව හා පාකිස්තානය එක් වූ හැටි


ඉන්දියාව හා පාකිස්තානය අතර වසර ගණනාවක පටන් වෛරයක් පවතී. මෙම වෛරය ක්‍රීඩාවටද පැමිණ  තිබෙන අතර ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරගයකදී  ප්‍රෙක්ෂකයන්ගේ හැසිරීම ඒ සඳහා හොඳම උදාහරණයයි. හැමදාම මේ සිදුවීම් දැකිය හැකි වුවත් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන මෙම අවස්ථාවේදී ඉන්දීය හා පාකිස්තාන ප්‍රේක්ෂකයන්ගෙන් තරමක වෙනස් කතාවක් ෆේස් බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් සිය ෆේ්ස් බුක් ගිණුමෙන් වාර්තා කරනවා.

ඒ ඉන්දීය ප්‍රේක්ෂකයන් පාකිස්තානයට සහාය දක්වමින් සිය ෆේස් බුක් ගිණුම වෙනස් කිරීමත් පාකිස්තාන ප්‍රේක්ෂකයින් ඉන්දියාවට සහාය දක්වමින් සිය ෆේස් බුක් ගිණුම වෙනස් කිරීමටත් කටයුතු කර තිබෙන හෙයිනි.

ෆෙස් බුක් සමාගම හදුන්වා දුන් #‎ProfilesForPeace‬ නම් ටැග් හරහා මෙම අපූරු කටයුත්ත සදුවෙයි. මේ හරහා ෆෙස් බුක් පරිශීලනය කරන්නන්ට සිය ෆේස් බුක් ගිණුමේ මූලික පිංතූරය වටා ෆේම් එකක් නිර්මාණය කර දෙයි.

 



Recommended Articles