BCCI නව සභාපති සුනිල් ගවස්කාර්


ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අතුරු කමිටු සභාපති ලෙස හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සුනිල් ගවස්කාර් නම් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (28දා) තීරණය කළේය.

එසේම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමටද අවස්ථාව ලබාදුන්නේය.

තවද වර්තමාන ඉන්දීය ක්‍රිකට් කමිටු සභාපති එන්. ශ්‍රී නිවාසන් මහතා එම තනතුරෙන් ඉවත්විය යුතු බවටද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

පසුගිය වර පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිදු වූ බව පැවසෙන තරග පාවාදීම් වෙනුවෙන් පැවැත්වෙන නඩුව මේ වනවිට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතියි.

 

 



Recommended Articles