ICC සභාපති හා අගමැති අතර හමුවක්


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහාර් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජ්, විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



Recommended Articles