50 වැනි තරගයේදී දිමුත්ගෙන් ශතකයක්


සිය 50 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ එවැනි දක්ෂතාවක් දැක්වූ දෙවැනි ශ්‍රී ලංකා පිතිකරුවා දිමුත් බවයි.

ඒ දකුණු අප්‍රිකාව සමග ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය. අනෙක් අන්තයේ ක්‍රීඩකයන් දැවී යද්දී සිය අන්තය ආරක්ෂා කර ගනිමින් දිමුත් ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට කටයුතු කරමින් සිටියි.

පන්දුවාර 56ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ට ලකුණු 205ක් රැස්කරගෙන සිටියි.

දිමුත් (113), සුරංග ලක්මාල් (6) නොදැවී පිටියේ පන්දුවට පහරදෙමින් සිටිති.



Recommended Articles