බංග්ලාදේශය කඩුලු 3ට ලකුණු 28


බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් තරගයේ ලකුණු 222ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට කඩුලු තුනක් දැවී ලකුණු 28ක් රැස්කරගෙන සිටින්නේ තරගයේ 11 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විටය.

ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර 50 තුළදී සියල්ලන්ම දැවී ලකුණු 221ක් රැස්කළේය. බංග්ලාදේශ කණ්ඩායමේ තමීම් ඉක්බාල් (3), මොහොමඩ් මිතුන් (10) හා සබීර් රෙහමාන් (2) දැවී ගිය පිතිකරුවෝ වෙති. චමීර කඩුලු දෙකක් දවා ගැනිමට සමත්විය.

1

2 230247

 



Recommended Articles