ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 260ක් පිටුපසින්


දකුණු අප්‍රිකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 370ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස හඹායමින් සටින ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනයට තරගය නිමාකරන විට එක් කඩුල්ලකට ලකුණු 110ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා ණ්ඩායමට තවත් ලකුණු 260ක් අවශ්‍යවේ. එ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් පන්දුවාර 90ක් හා කඩුලු 9ක් ඉතිරිව තිබේ.

සංගා 58* කෞෂාල් 37* නොදැවී පිටියේ රැදී සිටිති. තරංග ලකුණු 14ට දැවී ගියේය.



Recommended Articles