2026 ලෝක කුසලාන සත්කාරකත්වය උතුරු ඇමෙරිකාවට


2026 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානයේ සත්කාරකත්වය උතුරු ඇමෙරිකාවට හිමිව තිබේ. ඒ අනුව ඇමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාව තරගාවලියේ සත්කාරකත්වය දරණු ඇත.

2026 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට ප්‍රථම වරට කණ්ඩායම් 48ක් ක්‍රීඩා කිරීමට නියමිතය. 1994 වසරේදී ඇමෙරිකාවේ පැවැති ලෝක කුසලාන තරගාවලියෙන් පසුව උතුරු ඇමෙරිකාවේ පැවැත්වෙන පළමු තරගාවලිය මෙය වෙයි.

2026 තරගාවලියේ සත්කාරකත්වයට මොරොක්කෝවද තරග කළ අතර ඔවුන්ට හිමිවූයේ ඡන්ද 65කි. ඇමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාව ඡන්ද 134ක් හමිකර ගැනීමට සමත්විය.

2026 වසරේ දින 34ක් පැවැත්වෙන තරගාවලියේදී සම්පූර්ණ වශයෙන්ම තරග 80ක් පැවැත්වීමට නියමිතය. 

_102002183_bid_announced_getty



Recommended Articles