2020 දක්වා ICC සභාපති මනෝහාර්


2020 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර සඳහා ශාෂන්ක් මනෝහාර් තේරී පත්ව ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස ඒකමතිකව තේරී පත්ව ඇති බවත්, ඒ අනුව ඡන්දයක් පැවැත්වීමට අත්‍යවශ්‍ය නොවන බවත් ක්‍රිකට් කවුන්සිලය තේරී පත්වෙයි.

2016දී ඔහු අයි.සී.සී. සභාපති ලෙස තේරී පත්වූ අතර අවස්ථා දෙකකදී ඔහු ඉල්ලා අස්වීමට උත්සාහ කළද අයි.සී.සී. නිලධාරීන්ගේ ඉල්ලීම මත ඔහු එම අවස්ථා දෙකේදීම සිය තීරණය හකුළා ගත්තේය.

මනොහාර්ගේ කාලසීමාව තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් බවට පත්වූ බවට පිළිගැනීමක් පවතියි.

i



Recommended Articles