2019 එක්දින ලෝක කුසලානය මැයි 30දා ඇරඹේ


2019 වසරේ එක්දින ලෝක කුසලානය මැයි 30දා සිට ජුලි 14 දා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. මේ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාකච්ඡාවක් ඉන්දියාවේ කොල්කටා නුවරදී පවත්වා ඇති අතර, එහිදී මෙම තීරණය ගෙන තිබේ.

2019 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය මාර්තු මස 29දා සිට මැයි මස 19දා තෙක් පැවැත්වීමට නියමිත හෙයින් ඉන්දීය ප්‍රිමියර් තරගාවලිය හා ජාත්‍යන්තර තරග අතර දින 15ක හිඩසක් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ‘ලෝධා’ කමිටුව නිර්දේශ කර ඇති බැවින් ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ජුනි 04දා දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබේ.

මුලින්ම මෙම තරගය ජුනි 02දා පැවැත්වීමට නියමිතව තිබුණද පසුව දින 15 හේතුවෙන් එය ජුනි 04 දා දක්වා කල්දැමීමට අයි.සී.සී.ය තීරණය කර ඇත.

එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන එළිදැක්වීමට ප්‍රථමව ඉන්දියාව හා සාකච්ඡා කිරීමට අයි.සී.සීය කටයුතු කර ඇත. යම් හෙයකින් ජුනි 02දා ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර තරගයේ දින වෙනස් නොවූවා නම් ඉන්දීය කණ්ඩායමට එයට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොතිබුණ බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් ‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත් සේවයට පවසා තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරගය ජුනි 16දා ඕලඩ් ට්‍රැෆෝඩ් පිටියේදී පැවැත්වීමට  තීරණය කර ඇත. ලෝක කුසලාන තරගාවලියේ නිල තරග කාලසටහන එළැඹෙන 30දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

india-vs-pakistan1

 



Recommended Articles