දෙවැනි දිනයේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 7 ක්


දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේ  තෙවැනි දිනයේදී තවත් රන් පදක්කම් 7 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී  ලංකාව සමත් වී ඇත. මේ සමගින් ශ්‍රී ලංකාව තරගාවලියේ සමස්ථ රන් පදක්කම් 14 ක් , රිදී පදක්කම් 32 ක් හා ලෝකඩ පදක්කම් 52 ක් සහිතව සමස්ථ පදක්කම් 98 ක් දිනා ගෙන ඇති අතර එහි පෙරමුන් තවමත් පසු වන්නේ ඉන්දියාවයි . ඔවුන් රන් 46, රිදී 47 ක්  හා ලෝකඩ 17 ක් ඇතුළුව සමස්ථ පදක්කම් 98 ක් හිමි කර ගෙන ඇත.

රන් 1 ක්, රිදී 1 ත් හා ලෝකඩ 3 ක් දිනා ගත් බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටෙහනේ තෙවැනි ස්ථානයේ පසුවේ.

අද දිනයේ පැවති තරග වලින් පිහිනුම් ඉසව් 6 ක හා එක් කිමිදුම් ඉසව්වක රන් පදක්කම් දිනා ගැනීඹට ශ්‍රි ලංකාව සමත්  විය.

 

 

 

ඡායාරූ- ඉසුරු පෙරේරා



Recommended Articles