19න් පහළ කණ්ඩායමට පළඟ ශූරතාව


නවසීලන්තයේ පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ පළඟ ශූරතාව හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ පළඟ ශූරතා අවසන් තරගයේදී කොදෙව් කණ්ඩායම කඩුලු තුනකින් පරාජයට පත්කරමිනි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 5ට ලකුණු 254ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.4කදී කඩුලු 7ක් වැයකර ඉලක්කය පසුකර ගියේය.

මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ හසිත බෝයගොඩ ලකුණු 116ක් රැස්කළේය. හසිත හා ධනංජය ලක්ෂාන් (98) ආරම්භක විකට්ටුවට ලකුණු 218ක සබඳතාවක් පැවැත්වීය.

DUlt3XaU8AAqN1G (1)

 



Recommended Articles