ඔලිම්පික් තරගාවලියේදී ගෙනා විවාහ යෝජනාව


මෙවර ඔලිම්පික් තරගාවලියේ ප්‍රේක්ෂකයන්ටත්, ක්‍රීඩකයන්ටත් දකින්නට ලැබුණු සොඳුරුතම අවස්ථාව චීන ක්‍රිඩකාවක් හා ක්‍රීඩකයෙක් විසින් ඉටුකර දුන්හ. ඒ තරගාවලිය අතර තුළදී සිය පෙම්වතියට විවාහ යෝජනාවක් කිරීමට පෙම්වතා කටයුතු කිරීම හේතුවෙනි. වසර හයක පෙමක් මෙසේ අවසානයේදී විවාහ දිවියක් දක්වා පෙරළීමට ඉඩ තිබේ.

චීනයේ නි‍දහස් පැනීම් ක්‍රීඩිකා (DIVING) හී සි ට මෙසේ සිය විවාහ යොජනාව ගෙනාවේ චීනයේ තවත් නිදහස් පැනීම් ක්‍රීඩකයෙකු වෙන කුයින් ඛායිය. සිය පෙම්වතිය තරගාවලියේ  රිදී පදක්කම දිනාගැනීමෙන් අනතුරුව පැවැති ත්‍යාග බෙදාදීමේ අවස්ථාවේදී කුයින් සිය යෝජනාව සී ට  සිදු කළේය. 

සිද්ධියෙන් පුදුමයට පත් සි තම පෙම්වතාගේ යෝජනාව බාර ගත් අතර පසුව ඇය පැවැසුවේ "මම ජයගැනීමෙන් පසුව ඔහු මට ගොඩක් දේවල් කිවුවා. ඒ වගේම ගොඩක් පොරොන්දු දුන්නා. ඉතින් මම හිතනවා මේ තමයි පුද්ගලයා මට ජීවිත කාලයම විශ්වාස කළ හැකි" යනුවෙනි.

0 1 2 3

4 5 6 7 8 10



Recommended Articles