ලෝඩ්ස් පිටියේදී එක්දින කණ්ඩායමක් වාර්තා කළ පස්වැනි වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගත් කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.
	ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින සිවුවැනි එක්දින තරගයේදී ලකුණු 300ක් රැස් කරමිනි. එසේම ලෝඩ්ස් පිටියේදී එක්දින කණ්ඩායමක් ලකුණු 300 පසුකර ගියේ වසර 12කට පසුව වීමද විශේෂයකි. එසේම ලෝඩ්ස් පිටියේදී ලකුණු 300 සීමාව හඹාගොස් ඉන්දීය කණ්ඩායම අවස්ථා දෙකකදී ජයග්‍රහණය වාර්තා කර තිබේ.
	කාසියෙ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නේය. සංගක්කාර වාර්තා ගත ශතකයක් ලබමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.
	සංගාගේ ශතකය ගැන මෙතනින්. http://goo.gl/Zlk3cu
	ශ්‍රී ලංකා කණ්ඩායම 300/9 (පන්දුවාර 50)
	තිලකරත්න ඩිල්ශාන් 71 (පන්දු 109, 4x5)
	කුසල් ජනිත් පෙරේරා 19 (පන්දු 15, 4x5, 6x1)
	කුමාර් සංගක්කාර  (පන්දු 109ල 4x5, 6x0)
	මහේල ජයවර්ධන 7 (පන්දු 14, 4x1)
	ඇන්ජලෝ මැතිව්ස් 30 (පන්දු 30, 4x4)
	ළහිරු තිරිමාන්න 16 (පන්දු 14, 4x2)
	අශාන් ප්‍රියන්ජන් 9 (පන්දු 7)
	නුවන් කුලසේකර 0 (පන්දු 2)
	සචිත්‍ර සේනානායක 12 (පන්දු 5, 4x1, 6x1)
	අජන්ත මෙන්ඩිස් 4* (පන්දු 1, 4x1)
	එංගලන්තය පන්දු යැවීම
	ජේම්ස් ඇන්ඩර්සන් 60/2 (පන්දුවාර 10 )
	හැරී ගර්නි 55/4 (පන්දුවාර 10)
	ක්‍රිස් ජෝර්ඩන් 67/2 (පන්දුවාර 10)
	ජේම්ස් ට්‍රැඩ්වෙල් 39/1 (පන්දුවාර 10)
	ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු වැටීම
	1/26 කුසල් (පන්දුවාර 5.1) , 2/198 ඩිල්ශාන් (35.4),  3/217 ජයවර්ධන (39.3) 4/233 සංගක්කාර 42/1, 5/261 තිරිමාන්න (46.2) 6/279 මැතිව්ස් (48.1) 7/280 කුලසේකර (48.4), 8/292 ප්‍රියන්ජන් (49.3) 9/296 සේනානායක (49.5)