15න් කාන්තා පැසිපන්දු ශූරතාව ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට


ශ්‍රී ලංකා පාසල් 15න් කාන්තා පැසිපන්දු තරගාවලියේ 'ඒ' කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය සමත් විය. ඒ අවසන් මහා තරගයෙන් නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විදුහල ලකුණු 64-21ක් ලෙස පරාජයට පත් කරමිනි. මෙම තරගාවලිය පසුගියදා (28දා) නිමාවට පත්විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස බම්බලපිටිය ශු. පවුලේ කන්‍යාරාමයේ ඔනෙලා දුනුවිලද දක්ෂතම ආරක්ෂක ක්‍රීඩිකාව ලෙස එම විදුහලේම ශොනලි ධර්මසේනද  දක්ෂතම ආක්‍රමණික ක්‍රීඩිකාව නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විදුහලේ මලේකා රෆයිඩීන්ද සම්මානයට පාත්‍ර වූහ.

තෙවැනි ස්ථානය සඳහා ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය සහ යහපත් එඬේරාගේ කන්‍යාරාමය තරග කිරීමට නියමිතව තිබුණද යහපත් එඬේරාගේ කන්‍යාරාමය ඊට සහභාගී නොවීම හේතුවෙන් නිතරග ජයක් ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට හිමි විය.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 06ක් ඉදිරිපත්ව සිටි අතර, 'ඒ' කාණ්ඩයෙන් යහපත් එඬේරාගේ කන්‍යාරාමය, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලද 'බී' කාණ්ඩයෙන් බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය, නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විදුහල සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලද මූලික වටයේදී තරග කළේය.

aa2634ed0b7dd3551fd567a4d8970525 copy U15-A-division copy



Recommended Articles