ෆෙන්සින් ජාතික ශූරතාව MDS ක්‍රීඩා සමාජයට


පස්වැනි ජාතික ෆෙන්සින් (කඩුහරඹ) ශූරාතාවය දිනි ගැනීමට එම්.ඩී.එස්. ෆෙන්සින් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ රන් පදක්කම් 3 ක් සමගින් සමස්ථ පදක්කම් 8 ක් හිමි කර ගනමිනි.

එහි දෙවැනි ස්ථානය ස්ලිම්ලයින් බොක්සිං ක්‍රීඩා සමාජයට හිමි වු අතර තෙවැනි ස්ථානය හිමි වුයේ පසුගිය වර ශූරතාව හිමි කර ගත් යුනිචෙලා කණ්ඩායමටයි.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය  යුනිචෙලා ක්‍රීඩා සමාජයේ සදේෂ් චන්දන විසින්  හිමි කර ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ අනුරුද්ධිකා ධනංජලී ය.

පුරා දින 4 ක් (19,20,21,22)  කොළඹ රාජකීය විද්‍යාලයීය මාස් ඇරීනා බොක්සිං ක්‍රීඩාගාරයේදී පැවති තරගාවලියට, බොක්සිං ක්‍රීඩා සමාජ  10 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 103 දෙනෙකු සහබාලි විය.


 

ඡායාරූප - ඉසුරු පෙරේරා

AID_5610 AID_5614 AID_5615 AID_5616 AID_5621 AID_5622 AID_5627 AID_5629 AID_5634 AID_5636 AID_5639 AID_5640 AID_5649 AID_5652 AID_5653 AID_5656 AID_5659 AID_5661 AID_5665 AID_5667 AID_5670 AID_5677 AID_5680 AID_5681 AID_5682 AID_5683



Recommended Articles