ෆිෆා සාමුහික කුසලානය ජර්මනියට


සිව් වසරකට වරක් පැවැත්වෙන ෆිෆා සාමුහික කුසලානයේ (Fifa Confederation cup) මෙවර ශූරයින් බවට පත් විමට වත්මන් ලෝක ශූර ජර්මනිය සමත් විය.

 ඒ තරගාවලියේ ඊයේ (02) පැවති අවසන් මහා තරගයේදී චිලී කණ්ඩායම පරදා ගෝල 1-0 ක ජයක් හිමි කර ගනිමිනි.

කණ්ඩායම් 8ක් සහභාගිත්වයෙන් පසුගියදා (ජූනි 17) ආරම්භ වූ තරගාවලිය රුසියාවේ ශා. පීටර්ස්බර්ග් හිදී පැවැත්විණි.

තරගාවලියේ තෙවැනි ස්තානය , මෙක්සිකෝව ගෝල 2-1 ක් ලෙස පැරදූ පෘතුගාලයට හිමිවිය.

මෙම තරගාවලියේ වැඩිම ශූරතා ප්‍රමාණයක් (4) හිමි කර ගත් බ්‍රසීලය මෙවර තරගාවලියට සහබාගි නොවීය.

 

 

 

 

 



Recommended Articles