ෆිජී , සිංගප්පූරුව දිනයි


එච්.එස්.බී.සී.ලෝක සත්සාමාජික රග්බි තරගාවලියේ සිංගප්පූරු අදියර ජය ගැනීමට ෆිජී සමත්විය. ඒ අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාව ලකුණු 28-22 ක් ලෙස පරාජයට පත් කරමිනි.  සිංගප්පූරු ජාතික ක්‍රීඩාංගණයේදී මෙය පැවැත්විනි.

තරගාවලියේ අපරාජික කන්ඩායම ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් හිමිකර ගත් ෆිජී එහිදී නවසීලන්තය , දකුණු අප්‍රිකාව පරාජයට පත් කිරිමට සමත් වූහ.

මේ අතර තරගාවලියේ ලෝකඩ පදක්කම් හිමිකර ගත්තේ දකුනු අප්‍රිකාව ලකුණු 26-24 ක් ලෙස පරාජයට පත් කළ එංගලන්තයයි.

මේ අනුව අදියර 10 කින් යුත් ලෝක සත් සාමජික රග්බි තරගාවලියේ මේ වන විට අදියර 4 ක ජය හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ෆිජී සමත් වී ඇත්තේ ප්‍රසාද ලකුණූ 145 ක් දක්වා සිය ලකුණු ප්‍රමාණය වර්ධනය කර ගනිමිනි. එහි දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 141 ක් හිමිකර ගත් දකුණු අප්‍රිකාව විසින්ද තෙවැනි ස්ථානය නවසීලන්තය (ප්‍රසාද ලකුණු 120) හිමිකරගෙන ඇත.

තරගාවලියේ අදියර 8 ක් මේ වන විට අවසන් වී ඇති අතර එහි 9 වැනි අදියර එළඹෙන ජූනි දෙවැනිදා එංගලන්තයේදි පැවැත්වේ.

31435803_1295899583873490_3992959510871277568_n

 



Recommended Articles