හොංකොං හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්


ආසියානු 19 න් පහළ රග්බි තරගාවලියේ හොංකොං කණ්ඩායම සමග පැවති තරගයේ පළමු අදියරෙන් ලකුණු 37-08 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

එළඹෙන වර්ෂයේ (2018) ලෝක රග්බි කිරුළ (World Rugby Trophy/ දෙවැනි පෙළ ලෝක කුසලානය) වෙනුවෙන් පැවත්වෙන සුදුසුකම් ලබා ගැනීමට පැවැත්වෙන රග්බි තරගයේ  පළමු අදියර ලෙසින් මෙය ඊයේ (10) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණි.

තරගයේ පළමු අර්ධය අවසන් වනවිටදි ලකුණු 22-3 ක් ලෙසින් ඉදිරියෙන් සිටිමට හොංකොං කණ්ඩායම සමත් විය.

දෙවැනි අර්ධයේදීද හොංකොං කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නොහැකි වූ අතර සමස්ථ තරගය පුරා ගෝල දිනුමක් හා උත්සාහක දිනුම් 6 ක් ආධාරයෙන්  ලකුණු රැස් කළහ. ශ්‍රී ලංකාව උත්සාහක දිනුමක් හා ගෝල දිනුමක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.

 තරගාවලියේ මීලඟ තරගය එළඹෙන  16 වැනිදා හොංකොං හි හොංකොං පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

AID_6601 AID_6599 AID_6594 AID_6582 AID_6581 AID_6579 AID_6578 AID_6563 AID_6615 AID_6614 AID_6611 AID_6610 AID_6606 AID_6633 AID_6639 AID_6640 AID_6644 AID_6645 AID_6700 AID_6691 AID_6690 AID_6676 AID_6657

 

ඡායාරූප- ඉසුරු පෙරේරා

 



Recommended Articles