හේරත් තෙවැනි අර්ධ ශතකය රැස්කරයි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න්ස් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළම ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 80කදී ලකුණු 280/8 ක් රැස්කරගෙන සිටියි.

සිය ටෙස්ට් දිවියේ තෙවැනි අර්ධ ශතකය රැස්කළ හේරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නංවමින් සිටියි. ‍හේරත් මුලින්ම ඩිල්රුවන් සමග අටවැනි කඩුල්ලට ලකුණු  43ක සබඳතාවක්ද පසුව සුරංග ලක්මාල් සමග 36* නොබිඳුණු සබඳතාවක්ද පවත්වමින් සිටියි.

ශ්‍රී ලංකාව තවත් කඩුලු 2ක් ඉතිරිව තිබියදූ ලකුණු 108ක් ඉදිරියෙන් පසුවෙයි.

Sri Lanka Australia Cricket



Recommended Articles