හැව්ලොක්ස්- සී.ආර්. පරදයි


ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිය දෙවැනි ස්ථානය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට හැව්ලොක්ස් කණ්ඩායම සමත්විය. ඒ සී.ආර්. කණ්ඩායම සමග හයවැනි සතියේ පැවති තරගයෙන් ලකුණු 35-30 ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගිනි.

කොළඹ ලොන්ඩන් පෙදෙස සී.ආර්. පිටියේදී පැවති තරගයේ පළමු අර්ධයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට යම් පීඩනයක් එල්ල කළ අතර ඒ අනුව එම අර්ධය ලකුණු 19-13 ක් ලෙස හැව්ලොක්ස් ඉදිරියෛන් සිටියහ.

නමුත් දෙවැනි අර්ධයේදී සී.ආර්. ක්‍රිඩකයින්ගෙන් හැව්ලොක්ස්ට ඉතා දැඩි පීඩනයක් එල්ල වීම කැපී පෙණින.

ජයග්‍රාහී හැව්ලොක්ස් ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 3 ක හා දඩුවම් පහර දෙකක් ආධාරයෙන්ද සී.ආර්. ක්‍රීඩකයින් ගෝල දිනුම් 3 ක් හා දඩුවම් පහර ත්‍රිත්වයකින්ද ලකුනු රැස් කළහ.

මෙය මෙවර තරගාවලියේදී හැව්ලොක්ස් ලැබූ පස්වැනි ජය වේ.

IMG_5071 IMG_5106 IMG_5124 IMG_5126 IMG_5204 IMG_5206 IMG_5233 IMG_5262 IMG_5269 IMG_5294 IMG_5321 IMG_5339 IMG_5395 IMG_5397

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles