හැව්ලොක්ස් පරදා සී.එච්.ට පෙරලිකාර ජයක්


ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ දෙවැනි සතියේදී හැව්ලොක්ස් පරදා පෙරලිකාර ජයක් හිමි කර ගැනීමට සී.එච්. කණ්ඩායම සමත් විය. කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවති තරගයේ අවසන් ලකුණු තත්වය දැක්වුනේ 27-25 ක් ලෙසිනි.

තරගයේ පළමු අර්ධයේදී හැව්ලොක්ස් ඉතා දක්ෂ ක්‍රීඩා විලාශයක නිරත වූ අතර ඒ අනුව ලකුණු 25-13 ක් ලෙස එම අර්ධයේ ඉදිරියෙන් පසුවීමට ඔවුන් සමත් විය. නමුත් දෙවැනි අර්ධයේදී හැව්ලොක්ස් කණ්ඩායමට සී.එච් ගෙන් දැඩි පීඩනයක් එල්ල වූ අතර එම අර්ධයේ සී.එච්. ක්‍රීඩකයින් තවත් ලකුණු 14 ක් රැස් කලේ ප්‍රතිවාදීන්ට ලකුනු රැස් කිරීමට ඉඩ නොදෙමිනි.

ජයග්‍රාහී සී.එච් ක්‍රීඩකයින් ගෝල දිනුම් 3 ක්, දඩුවම් පහරක් හා ‍ඩ්‍රොප් ගෝලයක් ආධාරයෙන්ද හැව්ලොක්ස් ක්‍රීඩකයින් ගෝල දිනුම් 2 ක් උත්සාහක දිනුමක් හා දඩුවම් පහර ද්විතවයකින් ලකුනු රැස් කළහ.

IMG_8192 IMG_8216 IMG_8228 IMG_8251 IMG_8262 IMG_8285 IMG_8305 IMG_8335 IMG_8338 IMG_8370 IMG_8387 IMG_8420

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය

 



Recommended Articles