හැව්ලොක්ස් දෙවැනි ජයත් ලබයි


ඩයලොග් අන්තර්සමාජ  ලීග් රග්බි තරගාවලියේ අඛණ්ඩ දෙවැනි ජයත්  හිමිකර ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ ගුවන් හමුදාව පරදා ලකුණු 46-23 ක ජයක් හිමි කර ගනිමිනි. කොලඹ හැව්ලොක්ස් පිටියේදී ඊයේ (10) පැවති තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම සියතට ගත් හැව්ලෛාක්ස් ක්‍රීඩකයෝ එම අර්ධය නිමා වන විටදී ලකුනු 22-09 ක් ලෙස ඉදිරියෙන් පසුවූහ. 

කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී ගුවන් හමුදාවෙන් ඔවුන්ට යම් අභියෝගයක එල්ල වුවද එය ඔවුනගේ ජයග්‍රහණයට හේතුවක් නොවීය.

ගෝල දිනුම් දෙකක්, උත්සාහක දිනුම් 6 ක් ආධාරයෙන් හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුනු ක්‍රියාත්මක වද්දී ගුවන් හමුදාව ගෝල දිනුම් දෙකක් හා දඩුවම් පහර 3 ක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.

 

IMG_0754 IMG_0764 IMG_0767 IMG_0782 IMG_0786 IMG_0807 IMG_0840 IMG_0864 IMG_0869 IMG_0884 IMG_0896 IMG_0912 IMG_0967

 

ඡායාරූප-ඕෂිත වරකපිටිය

 



Recommended Articles