ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක්ස් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන අවසන් කිරීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
ඒ තරගාවලියේ තෙවැනි සතියේ , වැලිසර නාවික හමුදා පිටියේදි අද (18) පැවති තරගයෙන් හැව්ලොක්ස් පරදා ලකුණු 25-14 ක ජයක් හිමි කර ගනිමිනි.
තරගයේ පළමු අර්ධයේදීම සිය මව් ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රතිවාදීන්ට අමතක නොවන තරගයක් ලබා දුන් නාවික හමුදා ක්‍රීඩකයෝ එම අර්ධය ලකුණු 22-07 ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින් අවසන් කළහ.
ජයග්‍රාහී නාවුකයන් ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් , දඩුවම් පහරක් හා ඩ්‍රොප් ගෝලයක් ආධාරයෙන් සිය ලකුනු රැස් කළහ.
එහිදී හැව්ලොක්ස් ක්‍රීඩකයින් ගෝල දිනුම දෙකක් මගින් සිය ලකුණු රැස් කළහ.
ඡායාරූප - ඕෂිත වරකපිටිය