හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන ගැටලුවක්


පාකිස්තාන කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ශ්‍රී ලංකාව හා පැවැති තෙවැනි එක්දින තරගයේදි තරගයේ අයි.සී.සී. නිලධාරින් විසින් පැමිණිලි කර තිබේ.

ඒ අනුව හෆීස්ට දින 14ක් තුළ සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව අයි.සී.සී. පරීක්ෂණයක පෙනී සිටීමට සිදුවෙනු ඇත. එම කාලසීමාව තුළ හෆීස්ට තවදුරටත් ජාත්‍යන්තර පිටියේදී පන්දු යැවීමට අවස්ථාව හිමිවෙනු ඇත.

හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට පැමිණිලි ලැබූ තෙවැනි අවස්ථාව මෙය වෙයි. 2014 දී හා 2015 වසරේදී මීට පෙර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට පැමිණිලි ලැබුණි.

pakistan-v-south-africa-icc-champions-trophy_74434e92-b4d3-11e7-8b25-96a837358dfc copy copy



Recommended Articles