හතුරුගේ පුහුණුව හෙට සිට ඇරඹේ


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කිරීමේ කටයුතු හෙට (28දා) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

මෙම පුහුණු සැසිය ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ වීමට නියමිතය.

පසුගිය 20 වැනිදා ඔහු නිල වශයෙන් පුහුණුකරු තනතුරේ වැඩ බාර ගත්තේය. හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන පළමු තරගාවලිය ලබන ජනවාරි මාසයේදී බංග්ලාදේශයේදී ආරම්භ වෙයි.

හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර බාර ගැනීමට මත්තෙන් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.

13-20141018-Mumit-M0113



Recommended Articles