හතළිස් වසරක් සුරැකි ක්‍රිකට් බූදලය කොළඹ මහජන පුස්තකාලයේදී


ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ ආචාර්ය වජිර වික්‍රමගේ මහතා වසර හතළිහක කාලයක පටන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්වූ පුවත්පත්, සඟරා ලිපි ආදිය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු එක් රැස්කළ පුද්ගලයෙකි.

ඔහුගේ එකතුව ඔහු හඳුන්වන්නේ 'ක්‍රිකට් බූදලය' නමිනි. මෙවැනි කාලයක් පුරාවට ඔහු එක්රැස් කරගත් දේ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට වික්‍රමගේ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව 'ක්‍රිකට් බූදලය' නමින් හතළිස් වසරක් සුරැකී දේ ප්‍රදර්ශනයක් ලෙසින් පැවැත්වෙන්නේ කොළඹ 07 - මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදීය. (05), (06) සහ 08දා යන දිනයන්හී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස වික්‍රමගේ මහතා මේ සම්බන්ධයෙන් රුචිකත්වය දක්වන සැමට ආරාධනා කර සිටියි.

ඡයාරූප - ඉසුරු පෙරේරා

AID_9365 AID_9370 AID_9375 AID_9377 AID_9379 AID_9382 AID_9397 AID_9407 AID_9408 AID_9461 AID_9463 AID_9465 AID_9470 AID_9479



Recommended Articles