සෙරන්ඩිබ්ට ජය ගනිද්දී රත්නම් හා තිහාරිය යූත් ජය පැරදුමින් තොරවෙති


අන්තර්සමාජ  පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ මෙම සතියේ පැවති තරගයකින් ජයග්‍රහණය වාර්තා කර ගැනිමට සෙරන්ඩිබ් කණ්ඩායම සමත් විය ඒ කොම්රඩ්ස් පරදා ගෝල 3-2 ක් ලෙසිනි

තරගයේ  පළමු අර්ධයේ ආධිපත්‍යය ගෝල 2-1 ක් ලෙස කොම්රඩ්ස් විසින් හිමිකර ගත්තද දෙවැනි අර්ධයේදී ඔවුන් සිය ජයග්‍රහණය වාර්තා කලේ තවත් ගෝල දෙකක් වාර්තා කරමින් ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයක් රැස් කිරීමට ඉඩක් නොතබමිනි. මෙම තරගය බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මේ අතර කැළණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවති රත්නම් හා තිහාරය යූත් අතර තරගය ජය පැරදුමින් තොරව නිමා විය.

ඒ නියමිත කාළය අවසන් වන විට කිසිදු කණ්ඩායමකට ගෝල වාර්තා කිරිමට නොහැකි වූ බැවිනි

 

රත්නම් හා තිහාරය යූත් අතර තරගයේ අවස්ථාවන්

IMG_1628 IMG_1642 IMG_1646 IMG_1657 IMG_1664 IMG_1679 IMG_1687 IMG_1698 IMG_1705 IMG_1711 IMG_1728 IMG_1732

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles