විනෝජ් සුරංජය සුගත් තිලකරත්නගේ වසර 20 ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙලයි


වසර 20 ක් පැරණි මීටර් 200 ශ්‍රී ලංකා වාර්තාව අළුත්කිරීමට කෙටි දුර ධාවන ශූර විනෝජ් සුරංජය ද සිල්වා සමත් විය. ඒ එම ඉසව්ව වෙනුවනේ තත්පර 20.68 ක කාළයක් වාර්තා කරමිනි. මෙවර ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (27) පැවති තේරීම් තරග වලදී හෙතෙම මේ දස්කම දක්වා ඇත. මෙහිදී ඔහු විසින් බිඳ හෙළුවේ සුගත් තිලකරත්න විසින් 1998 වර්ෂයේදී පැවති ආසියානු තරගාවිලියේදී මෙම ඉසව්ව වෙනුවෙන් තබා තිබූ තත්පර 20.69 ක තරග වාර්තාවයි.

විනෝජ් වෙළඳ සේවා මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වේ. මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය තත්පර 21.24 කින් නිමා කළ ශ්‍රී ලංකා  යුද හමුදාවේ හිමාෂ ඒෂාන් ට හිමිවූ අතර තෙවැනි ස්ථානය හිමිවූයේ යුද හමුදාවෙම දිලිප් රුවන් (21.37) ටයි.

ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ තේරීම් තරග වල අවසන් දිනය අද (28) යි.

26196320_1150235345113251_2963343435933149153_n



Recommended Articles