සීක්කු එංගලන්ත දේශීය ක්‍රිකට් තරගාවලියට


එංගලන්ත දේශීය විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්නට අවස්ථාව ලැබී ඇත. ඒ නෝතැම්ප්ටන්ෂයර් කණ්ඩායම එළැඹෙන තරගාවලිය වෙනුවෙන් සික්කුගේ ප්‍රසන්න හා ගිවිසුම් ගතව ඇති හෙයින්.

නෝතැම්ප්ටන්ෂයර් කණ්ඩායම ලීසෙස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහිව පළමු තරගයට ජුලි 04 දා ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගයේ පටන් සීක්කු නෝතැම්ප්ටන්ෂයර් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය.

සීක්කු ටෙස්ට් තරගයකදී, එක්දි තරග 38කදී හා විස්සයි20 තරග 20කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

_99840653_prasanna2_getty



Recommended Articles