සියැට් - ස්ලාඩා සම්මාන රාත්‍රිය 2016


'සියැට් - ස්ලාඩා - 2016' ශූරතා සම්මාන රාත්‍රිය කොළඹ ගලදාරී හෝටලයේදී පසුගියදා (02දා) පැවත්විණි. මෙහිදී වසරේ දක්‍ෂතම මෝටර්රථ රියදුරු ලෙස උෂාන් පෙරේරා සම්මාන දිනාගත් අතර, දක්‍ෂතම යතුරුපැදි ධාවකයා ‍ලෙස ඉෂාන් දසනායක සම්මාන දිනාගත්තේය.

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ ශූරතාව දිනාගනිමින් උෂාන් පෙරේරා දක්‍ෂතම රියදුරු බවට පත්වූ අතර, එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ශූරතාව දිනාගනිමින් ඉෂාන් දසනායක දක්‍ෂතම යතුරුපැදි ධාවකයා බවට පත්විය. 

මීට අමතරව දක්‍ෂතම මෝටර් රථ කණ්ඩායමට හිමි සම්මානය උෂාන් පෙරේරා සහ මාලික කුරුවිටආරච්චි නියෝජනය කළ සියැට් කණ්ඩායම දිනාගත් අතර, සියැට් කණ්ඩායම නියෝජනය කළ ඉවෝන් බී. ගුරුසිංහ සහ දේෂාන් සොලංකි දක්‍ෂතම යතුරුපැදි කණ්ඩායමට හිමි සම්මානය දිනාගත්හ.

මෙහි වසරේ මොටෝ ජීපී ශූරයා ලෙස ෂොයෙල් ඩැනියල් සම්මාන දිනාගත් අතර, වසරේ සුපර් මෝටාඩ් ධාවකයා ලෙස ඉමල් මංචනායක සම්මාන දිනාගත්තේය.

ශ්‍රී ලංකා ඔටෝ-ස්පෝර්ට්ස් ධාවකයන්ගේ සංගමය (SLADA) විසින් පවත්වන ලද ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්, ගනර් සුපර් ක්‍රොස්, ගජබා සුපර්ක්‍රොස්, සීගිරිය රැළික්‍රොස් හා රොතර්හැම් සර්කිට් මීට් (ධාවන තරග 1 සහ 2) යන තරගාවලි හයේ දැක්වූ දක්‍ෂතා පදනම් කරගනිමින් ක්‍රීඩකයෝ මෙම සම්මාන උලෙළේදී ඇගැයීමට ලක්වූහ. මෙහිදී මෝටර් රථ රියදුරන් සඳහා සම්මාන 07ක්ද, යතුරුපැදිකරුවන් සඳහා සම්මාන 06ක්ද ප්‍රදානය කෙරිණි. 

ඡායාරූප චානුක කුලසේකර

KDP_7753 KDP_7754 KDP_7771 KDP_7773 KDP_7776 KDP_7777 KDP_7781 KDP_7783 KDP_7784 KDP_7790 KDP_7796 KDP_7797 KDP_7802 KDP_7804 KDP_7807 KDP_7811 KDP_7812 KDP_7832 KDP_7838 KDP_7843 KDP_7854 KDP_7861 KDP_7881 KDP_7890 KDP_7892 KDP_7896 KDP_7901 KDP_7917 KDP_7918 KDP_7923 KDP_7924 KDP_7942  KDP_7953 KDP_7964



Recommended Articles