සියලුම කාණ්ඩයන්හි ශූරතා ඉන්දියාවට


දකුණු ආසියානු කනිෂ්ඨමේස පන්දු තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත්විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථක්‍රීඩාංගණයේ ඊයේ (21දා) අවසන් වූ මෙම තරගාවලිය කාණ්ඩ 10ක් යටතේ පැවති අතර, එහි සියලුම ඉසව් නියෝජනය කරමින් රන් පදක්කම් දිනා ගැනීමට ඉන්දියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම කැපී පෙනේ.

මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වූ අතර, ඔවුන් කාණ්ඩ 06ක රිදී පදක්කම් සහ කාණ්ඩ 04ක ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් විය. මීට අමතරව මාලිදිවයින සහ පාකිස්තානය කාණ්ඩ 03ක ලෝකඩ පදක්කම් දිනාගනිමින් සම තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර, බංග්ලාදේශය කාණ්ඩ 02ක ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කළේය.

පසුගිය 19වැනිදා මෙම තරගාවලිය ආරම්භවූ අතර, තෙදිනක් පුරා මෙහි ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ සත්කාරක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 06ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වැදුණහ.

ඡායාරූප - ශමීර රාජපක්ෂ

DSC_4225 DSC_4244 DSC_4267 DSC_4269 DSC_4291 DSC_4328



Recommended Articles