සිඩ්නි සික්සස් කඩුලු හතක ජයක් ලබයි


ජෝර්ජ් බේලිගේ නායකත්වයෙන් යුත් හෝබාට් හරිකැනෙස් කණ්ඩායම පරාජය කර බිග් බෑෂ් ලීග්  තරගාවලියේ අද (23දා) හෝබාට්හි පැවැති තරගයකින් කඩුලු හතක ජයක් ලැබීමට මෝසස් හෙන්ඩ්‍රික්ස්ගේ නායකත්වයෙන් යුත් සිඩ්නි සික්සස් කණ්ඩායම සමත්විය.

ලකුණු 155ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය සිඩ්නි සික්සස් කණ්ඩායම ඉනිමේ 19 වැනි පන්දුවාරයේදී කඩුලු තුනක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.  මයිකල් ලම්බ් ලකුණු 44ක් රැස්කළේය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් හෝබාට් හරිකැනෙස් කණ්ඩායම නියමිත පන්දුවාර 19 තුළදී ලකුණු 154/8 රැස්කිරීමට සමත්විය. ජෝර්ජ් බේලි පන්දු 44කදී වේගවත් ලකුණු 71ක් රැස්කිරීමට සමත්විය. ඔහුට අමතරව ටිම් පේන් ලකුණු 36 ක් රැස්කළේය. සිඩ්නි සික්සස් වෙනුවෙන් පන්දු යැවීමෙන් බ්‍රෙට් ලී (3/34) දක්‍ෂතා දැක්වීය.

තරගයේ වීරයා ලෙස තුන් ඉරියව්වෙන් දක්‍ෂතා දැක්වූ සිඩ්නි සික්සස් කණ්ඩායමේ මොයිසෙස් හෙන්ඩ්‍රික්ස් සම්මාන හිමිකර ගත්තේය. අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තරගය ආරම්භ කිරීමට ප්‍රමාද වූ අතර, ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 19කට සීමා කෙරිණ.

හෝබාට් හරිකෑන්ස් 154/8 (පන්දුවාර 20)

ජෝර්ජ් බේලි 71 (පන්දු 44, 4x6, 6x3)

ටිම් පේන් 36 (පන්දු 27, 4x6)

බෙන් ඩන්ක් 23 (පන්දු 18, 4x3)

එවන් ගල්බිස් 15 (පන්දු 11, 6x1)

බ්‍රෙට් ලී 3/34 (පන්දුවාර 4)

මෝයිසෙස් හෙන්ඩ්‍රික්ස් 2/22 (පන්දුවාර 4)

 

සිඩ්නි සික්සස් 158/3 (පන්දුවාර 18.1)

මයිකල් ලම්බ් 44 (පන්දු 31, 4x3, 6x2)

ජෝඩන් සිල්ක් නොදැවී 31 (පන්දු 23, 4x2)

නික් මැඩින්සන් 29 (පන්දු 12, 4x5, 6x1)

මෝසස් හේන්ඩ්‍රික්ස් නොදැවී 29 (පන්දු 25, 4x1, 6x1)

කැමරන් බොයිස් 1/24 (පන්දුවාර 4)

සේවියර් ඩොහර්ටි 1/32 (පන්දුවාර 4)

 

 

 



Recommended Articles