සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය


සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ "ඒ" කාණ්ඩයේ අද (29දා) පැවැති තරගයකින් මහනුවර ධර්මරාජ විදුහල පරදා ලකුණු 39-26 ක් ලෙස ජය ලැබීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. ලොන්ඩන් පෙදෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී පිටියේ පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 13-07 ක් ලෙස ශාන්ත තෝමස් විදුහල ඉදිරියෙන් පසුවිය.

මේ අතර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති තවත් තරගයකින් බොරැල්ල සී.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාලය පරදවා ලකුණු 75-06 ක දැවැන්ත ජයක් ලැබීමට මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය සමත්විය. මෙම තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු තත්වය දැක්වුණේ 38-06 ක් ලෙසිනි.



ඡායාරූප-ශමීර රාජපක්ෂ

 



Recommended Articles