සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තමන් සහභාගි වූ අවසන් තරගයෙන් මරදාන සහිරා විදුහල පරදා ලකුණු 38-14ක පහසු ජයක් වාර්තා කිරීමට මරදාන ශා. ජෝශප් විදුහල ඊයේ (20දා) සමත් විය.
වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ ආරම්භයේ පටන් සහිරා කණ්ඩායමට පීඩනය එල්ල කළ ශා. ජෝශප් ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විටදී ඉදිරියෙන් සිටියේ ලකුණු 18-00ක් ලෙසිනි.
ජයග්‍රාහී ශා. පීතර විදුහල ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 5ක් හා එක් දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කරද්දී ගෝල දිනුම් දෙකක් මගින් සහිරා විදුහල සිය ලකුණු රැස්කළේය.
ඡායාරූප - ඕෂිත වරකපිටිය