සාමිගේ කතාවන් කොදෙව් ක්‍රිකට් පාලනයේ ඇස් ඇරෙයි


දෙවැනි අවස්ථාවටත් විස්සයි20 ලෝක ශූරයන් බවට පත්වීමෙන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයට දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කිරීමට කොදෙව් නායක ඩැරන් සාමි ඊයේ (03දා) කටයුතු කළේය.

ඒ අනුව ක්‍රීඩකයන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමට කොදෙව් ක්‍රිකට් අායතනය තීරණය කොට තිබේ. කොදෙව් ක්‍රිකට් සභාපති ඩේව් කැමරන් පවසන්නේ මෙම සාකච්ඡාව ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියෙන් අනතුරුව පවත්වන බවයි. ඒ අනුව මෙම සාකච්ඡාව ජුලි මාසයේදි පැවැත්විමට නියමිතය.

මෙම සාකච්ඡාවේදී කොදෙව් කණ්ඩායම නියෝජනය කළ හැකි හොඳම කැරිබියන් ක්‍රීඩකයන් පිළිබඳව අවධානය යොමුකරන බව ඩේවි පවසා තිබේ.



Recommended Articles