ස්ලිම්ලයින් , යුද හමුදාව හා යුනිචෙලා තෙවැනි දිනයේදි වැඩි ගෞරව දිනා ගනියි


ශ්‍රි ලංකා බොක්සිං සම්මේලනය සංවිධානය කරන 91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ ඊයේ (07) නිමාවූ තෙවැනි දිනය්දී වැඩි ගෞරව දිනා ගැනීමට ස්ලිම්ලයින් ‘ඒ’ , යුනිචෙලා ‘ඒ’ හා යුද හමුදා ‘ඒ’ කණ්ඩායම් සමත් විය.

එහිදි පිරිමි අංශයේ වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වූ ස්ලිම්ලයින් ‘ඒ ’ ක්‍රීඩකයෝ පැවති තරග වලින් තරග 7 ක ජයග්‍රහණ හිමි කර ගත්හ. එහිදී එම අංශයෙන්ම ඔවුන්ට ප්‍රභල අභියෝගයක් වූ යුද හමුදා ‘ඒ’ ක්‍රීඩකයෝ තරග 6 ක ජයග්‍රහණ හිමිකර ගත් අතර ගුවන් හමුදා ‘ඒ ’ ක්‍රීඩකයින් තරග 3 ක ජය හිමි කර ගත්හ.

මේ අතර කාන්තා අංශයේ වැඩි ජයග්‍රහණ ප්‍රාණයක් හිමිකර ගත් යුනිචෙලා ‘ඒ ’ හා යුද හමුදා‘ඒ ’  ක්‍රීඩිකාවන් තරග 2 ක බැගින් ජය හිමිකර ගත්හ.

තරගාවලියේ සිව්වැනි දිනය අද (08) පැවැත්වෙන අතර අවසන් මහා තරග හෙට (09) පැවැත්වීමට නියමිතය.

IMG_4394 IMG_4395 IMG_4400 IMG_4409 IMG_4413 IMG_4439 IMG_4476 IMG_4484 IMG_4497 IMG_4522 IMG_4538 IMG_4549 IMG_4564 IMG_4567 IMG_4604 IMG_4628 IMG_4746 IMG_4772 IMG_4774 IMG_4779 IMG_4823 IMG_4850

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles