ස්මිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි


දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් නායක ග්‍රැහැම් ස්මිත් හෙට (05දා) අවසන් වන දකුණු අප්‍රිකානු - ඔස්ට්‍රේලියා තුන්වැනි ටෙස්ට් තරගය නිමාවත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය 117 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ස්මිත් එයින් ටෙස්ට් තරග 109කදීම දකුණු අප්‍රිකා කණ්ඩායමට නායකත්වය ලබා දී තිබේ. ඒ අනුව ලොව වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක නායකත්වය දැරූ ක්‍රීඩකයා වන්නේද ස්මිත්ය.

ටෙස්ට් - තරග 117, ලකුණු 9257, වැ.ල. 277 100x27, 50x38

එක්දින- තරග 197, ලකුණු 6889, වැඩිම ලකුණු 141, 100x10, 50x47

20-20- තරග 33, ලකුණු 982, වැඩිම ලකුණු 89* 50x5



Recommended Articles