සර්ෆාස් හමුවීමට බුකීකරුවන් පැමිණිලා


පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆාස් හමුවීමට බුකීකරුවෙකු පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරග පාවාදීම් වෙනුවෙන් ඔහුව එක්කර ගැනීම සඳහා ඔහු පැමිණ ඇති අතර සර්ෆාස් එය ප්‍රතික්ෂේප කර තිබේ.

පසුව ඔහු ඒ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකයට පැමිණිලි කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තෙවැනි එක්දින තරගයට පෙරාතුව පාකිස්තාන නායකයා සිය පවුලේ උදවියත් සමග ඩුබායිහි සුපිරි වෙළඳ සංකීර්ණයක සාප්පු සවාරියේ යෙදෙන විට බුකීකරුවා පැමිණ ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන නායකයා මේ පිළීබඳව පැමිණිලි කිරීමෙන් පසුව කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කර තිබේ. සිද්ධිය පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් ආයතනයත්,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් පරීක්ෂණ අාරම්භ කර ඇත.

562235-sarfraz-ahmed-getty copy copy

 



Recommended Articles