සමුගැනීමට ස්ථිර තීරණයක් නෑ, ආසියානු තරගාවලිය දක්වා ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා


එළඹෙන වර්ෂයේ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය දක්වා තමන්  ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වුවත්, සමුගැනීම පිළිබඳ ස්ථිර තීරණයක් මේ වනතෙක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක හා හිටපු නායක ෆාසිල් මරීජා පැවසීය. 
සිය බිරිඳගේ කුලුඳුල් දරු ප්‍රසූතිය හේතුවෙන් මෙවර ආසියානු රග්බි තරගාවලියට සහභාගි නොවීමට තීරණය කර ඇති මරීජාගේ රග්බි ක්‍රීඩාවේ ඉදිරි පියවර පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මේ බව 'අද'ට පැවසීය.

''ලබන වසරේ ආසියානු තරගාවලියට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සමුගන්නා දිනයක් පිළිබඳ ස්ථිර තීරණයක් තවම ගෙන නැහැ'' හෙතෙම පවසා සිටියේය.

කෙසේ වෙතත් එළඹෙන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේදී  (පසළොස් සාමාජික) මහනුවර කණ්ඩායම නියෝජනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

මේ වනවිට ශ්‍රී  ලංකා රග්බි කණ්ඩායමේ අත්දැකීමේ බහුලම ක්‍රීඩකයා වන ෆාසිල්, වසර 12කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වයද දැරූ ප්‍රබල ක්‍රීඩකයෙකි. හෙතෙම පසුගිය ආසියානු රග්බි තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික පසළොස් සාමාජික රග්බි දිවියෙන් සමුගත්තේය. මේ අතර කුඩා ළමුන් වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිත සිය රග්බි ඇකඩමියේ වැඩකටයුතු ඉදිරි මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

16265970_553391561519009_4682133449805087196_n 16729308_564651507059681_8846639764164759635_n 18119219_710490752486115_5781033893676441805_n



Recommended Articles