සභාපතිගේ කණ්ඩායමට ලකුණු 2ක ජයක්


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග කොළඹ. සී.සී.සී. පිටියේදී අද (22දා) පැවැති පුහුණු තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.තරගයේ ලකුණු 354 ක දැවැන්ත ඉලක්කය නොබියව සපුරා ගැනීමට පැමිණී බංග්ලාදේශ ඉනිම ලකුණු 352 දී  නවතා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. 

එහිදී සබීර් රෙහෙමාන් 72ක්ද මහමුදුල්ලා ලකුණු 71 ක්ද මෂ්රෆි මොර්ටාසා පන්දු 35 කදී වේගවත් ලකුණු 58 ක්ද රැස් කළහ. බංග්ලාදේශය යම් තරමකින් හෝ පන්දුවෙන් පීඩනයට ලක් කළ අකිල ධනංජය කඩුලු 3 ක් බිඳහෙළීය.

බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 354ක් රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය සඳුන් වීරක්කොඩි (67), කුසල් පෙරේරා (64), ධනංජය ද සිල්වා (52) අර්ධ ශතක රැස්කරමින් දක්‍ෂතා දැක්වූහ. බංග්ලාදේශය වෙනුවෙන් මෂ්රාෆි මොර්ටාසා, ටස්කින් අහමඩ්, අබුල් හසන් හා සන්සාමුල් ඉස්ලාම් එක් කඩුල්ල බැගින් බිඳහෙළූහ.

තරග තුනකින් යුත් දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය 25දා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සභාපතිගේ කණ්ඩායම 354/7 (පන්දුවාර 50)

ඩිල්ෂාන් මුණවීර 24 (21, 4x3, 6x1), කුසල් පෙරේරා 64 (78, 4x4), සඳුන් වීරක්කොඩි 67 (54, 4x8, 6x2), මිලින්ද සිරිවර්ධන 32 (29, 4x3, 6x1), ධනංජය ද සිල්වා 52 (21, 4x3, 6x1), චතුරංග ද සිල්වා 28 (25, 4x1, 6x1), තිසර පෙරේරා 41 (30, 4x2, 6x1), දසුන් ශානක නොදැවී 26 (12, 4x2, 6x1), ළහිරු මධුසංඛ නොදැවී 1 (5), මෂ්රාෆි මොර්ටාසා 1/66 (9), තස්කින් අහමඩ් 1/51 (6), අබ්දුල් හසන් 1/35 (35), සන්සාමුල් ඉස්ලාම් 1/27 (6)

බංග්ලාදේශ කණ්ඩායම 352/8 (පන්දුවාර 50)

සබීර් රෙහෙමාන් 72 (63, 4x11, 6x1), මහමුදුල්ලා 71 (68, 4x4, 6x1), මෂ්රෆි මොර්ටාසා 58 (35, 4x4, 6x4), මොසඩක් හුසේන් 53 (50, 4x4, 6x2), අකිල ධනංජය 3/61 (8),චතුරංග ද සිල්වා 2/53 (9), මිලින්ද සිරිවර්ධන 1/59 (10), ළහිරු මධුෂංක 1/39 (6), බිනුර ප්‍රනාන්දු 1/46 (6)



Recommended Articles