ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (09දා) බැංගලෝර්හි පැවැති 31 වැනි තරගයෙන් සත්කාරක රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කර ලකුණු 32 පහසු ජයක් ලැබීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත්විය. මෙම ඔවුන් මෙවර තරගාවලියේ තරග අටකදී ලැබූ හත්වැනි ජයග්‍රහණයද විය. 
	ලකුණු 199 දැවැන්ත ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 166ක් පමණි. ඒ.බී. ඩිවිලියස් ලකුණු 53 රැස්කිරීමට සමත්විය. බැංගලෝර් ඉනිම පාලනය කළ සන්දීප් ශර්මා සිය පන්දුවාර 4 තුලදී ලකුණු 25කට කඩුලු 3ක් දවාලීමට සමත්වූ අතරල ඒ හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.
	බැංගලෝර් ඇරයුමෙන් පළමුව  පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 198 රැස්කිරීමට සමත්විය. ප්‍රහාරාත්මක ඉනිමක් ගොඩනැගූ ඩේවිඩ් මිලර් පන්දු 29කදී හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් සමගින් ලකුණු 66 රැස්කිරීමට සත්විය.
	 
	පන්ජාබ්  198/8 (පන්දුවාර 20)
	ඩේවිඩ් මිලර් 66 (පන්දු 29, 4x8ල 6x3)
	විරෙන්ද්‍ර ශෙවාග් 30 (පන්දු 24ල 4x5)
	ග්ලෙන් මැක්ස්වෙල් 25 (පන්දු 11, 4x2, 6x2)
	බැංගලෝර් පන්දු යැවීම
	යස්වේන්ද්‍ර චාහල් 23/2 (පන්දුවාර 4)
	මිචෙල් ස්ටාර්ක් 43/2 (පන්දුවාර 4)
	හර්ශාල් පටෙල් 56/2 (පන්දුවාර 4)
	බැංගලෝර් 166/9  (පන්දුවාර 20)
	ඒ.බී. ඩිවිලියස්  53 (පන්දු 26, 4x1, 6x5)
	මිචෙල් ස්ටාක් 29 (පන්දු 23, 4x4)
	සචින් රානා 18  (පන්දු 16, 4x3)
	බැංගලෝර් පන්දු යැවීම
	සන්දීප් ශර්මා 2/3 (පන්දුවාර 4)
	ශිවාම් ශර්මා 2/2 (පන්දුවාර 4)
	මිචෙල් ජොන්සන් 25/1 (පන්දුවාර 4)