සචින් තෙන්ඩුල්කාර්ගේ දුවට අයුතු යෝජනා කළ පුද්ගලයෙකු දැලේ


ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ දියණිය වූ සාරා තෙන්ඩුල්කාර්ට අයුතු යෝජනා කළ පුද්ගලයෙකු බටහිර බෙංගාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

32 හැවිරිදි ඩෙබ් කුමාර් නැවති මෙම පුද්ගලයා දුරකථන  ඇමතුම් හා කෙටි පණිවුඩ මාර්ගයෙන් මෙලෙස සාරා තෙන්ඩුල්කාර්ට අයුතු යෝජනා සිදු කොට ඇත. එහිදී තමාව විවාහ කර ගන්නා ලෙසත් එසේ නැතහොත් ඇයව පැහැරගන්නා බවට මෙම පුද්ගලයා විසින් සාරාට තර්ජනය කොට ඇත.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම පුද්ගලයා පවසා ඇත්තේ තරගයක් නැරඹිමට පැමිණ සිටි සාරාව තමන් මුල්වරට දුටු නමුත් කිසිදිනක තමන් ඇයව පෞද්ගලිකව හමුවී නොමැති බවත්ය.

පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

20 හැවිරිදි සාරා සචින් ගේ වැඩිමහල් දියණිය වේ. ඇයට අමතරව අර්ජුන් තෙන්ඩුල්කාර් (18) ලෙසින් පුතෙකුද සචින්ට සිටියි.

44 හැවිරිදි සචින් තෙන්ඩුල්කාර් අන්තර්ජාතික තරග වල වැඩිම ලකුණුලාභියා ලෙසින් ඉතිහාසගත වන අතර මේ දක්වා ක්‍රිකට් පිටියේ බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවෙකුද ලෙසින් සැලකෙයි.

175826_3917931_updates sara-tendulkar-snapped-at-a-party-201612-1480676965 Sara-Tendulkar-wiki

 

 

 



Recommended Articles