සචින්ගේ පුතා ඉන්දීය 19 න් පහළ කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාවට


ඉන්දියාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙක් වන සචින් තෙන්ඩුල්කාර්ගේ පුතා වන අර්ජුණ් ටෙන්ඩුල්කාර් ඉන්දීය 19න් පහළ කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා සංචාරය සඳහා නම්කර ඇත.

ලබන මසදී ආරම්භ වීමට නියමිත තරගාවලියේ සිවුදින තරග දෙක සඳහා අර්ජුන් තෙන්ඩුල්කාර් නම් කර ඇත. කෙසේ වෙතත් එක්දින තරග පහ  සඳහා  ඔහු තෝරාගෙන නොමැත.

වේග පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන අර්ජුන් පසුගිය කාලසීමාවේදී දක්ෂතා දැක්වීමට සමත්වී ඇත. අර්ජුන් පසුගිය සැප්තැම්බර් මාසයේදී 18 වැනි උපන්දිනය සැමරීය.

මෙම තරගාවලිය ජුලි 11 දා ආරම්භ වීමට නියමිත අතර අගෝස්තු 11 දා තෙක් තරගාවලිය පැවැත්වෙයි.

DfGBwxXWsAIuBhi

 



Recommended Articles