සචිත්‍ර ජාත්‍යන්තර පිටියට සූදානම්


පන්දුව දමා ගැසිමේ චෝදනාවට ලක්ව තිබෙන ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක සිය ඉරියව් සකස්කරගෙන ඇති අතර ඒ අනුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දුයැවීමට සූදානමින් සිටියි. මේ පිළිබඳව ශ්‍රී ලංකා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජෙරෝම් ජයරත්න විසින් ඊයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමට දැනුම්දී තිබේ.

ඒ අනුව ඉතාමත් ඉක්මනින්ම සචිත්‍ර නැවත වරක් අයි.සී.සී. යේ පරීක්ෂණයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරීණය කර තිබේ. සචිත්‍රගේ පරීක්ෂණය ඉන්දියාවේ රාමචන්ද්‍රන් විශ්වවිද්‍යාලයේදී සිදුකිරීමට නියමිතය. 

 



Recommended Articles