සංගා කනගාටුවෙන් සමුගනියි - 2018 දීත් විස්සයි20 ලීග තරග ක්‍රීඩා කරයි


සරේ කණ්ඩායම සමගින් මෙන්ම සිය ක්‍රිකට් දිවියේත් අවසන් පළමු පෙළ තරගයට කුමාර් සංගක්කාර ඊයේ  (27දා) ක්‍රීඩා කළේය. ඒ සරේ කණ්ඩායම හා ලැන්කෂයර් කණ්ඩායම අතර ඊයේ අවසන් වු තරගයත් සමගිනි.

මෙහිදී සිය අවසන් ඉනිම නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙස නිමා කළ සංගා ලකුණු 35ක් නොදැවී රැස්කළේය. තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

අවසන් පළමු පෙළ තරගයෙන් පසුව සංගා බී.බී.සී. ක්‍රීඩා සේවයත් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ තමන් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේදී කනගාටුවන කරුණු කිහිපයක්ද තිබෙන බවයි.

“ක්‍රිකට් නොමැතිවීම මට පාලුවක් වෙයි. ගොඩක් ක්‍රීඩකයන් සමුගන්නේ ගොඩක් කලකිරීම්වලින්. අනෙක් අය වගේම මටත් කනගාටුවක් තිබෙනවා. නමුත් මම ක්‍රීඩා කළ ආකාරයත්, ලබාගත් දේ ගැනත් සතුටුවෙනවා. ක්‍රීඩාව අපිට වඩා විශාලයි. කවුරු ආවත්, කවුරු ගියත් ක්‍රීඩාව ඉදිරියට යනවා.” යැයි සංගා පවසයි.

ඔහු පළමු පෙළ තරගවලින් සමුගත්තත් 2018 වසර තුළදී තවදුරටත් විස්සයි20 ලීග තරග ක්‍රීඩා කිරීමට තීරණය කර තිබේ.

එංගලන්ත පළමු පෙළ තරගාවලියේදී මෙවර වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා වන්නේද සංගක්කාරයි. ඔහු තරග 10කදී ඉනිම16ක් තුළ ලකුණු 1491ක් රැස්කිරීමට සමත්ව තිබේ. එයට එක් දිවිත්ව ශතකයක් අතුළුව ශතක 8ක්ද ඇතුළත්ය. ඔහුගේ ඉනිමක සාමාන්‍ය දැක්වෙන්නේ 106.5ක් ලෙසය.

Capture

268472 copy copy Lancashire v Surrey - County Championship Division One

 



Recommended Articles